සාවද්‍ය කරුණු පිළිබද ඇත්ත සාධක සහිතව හෙළිදරව් කිරීම.

ඉස්ලාම් පිළිබඳව කෙටි අවබෝධයකට රූපිත මඟපෙන්වීමක් යන ග්‍රන්ථය,මෘදු පිටපතකින් ලබාගැනීම සදහා Link guide to understanding Islam ( Sinhala language ) Download here
ෆේස්බුක් තුලින් එකතු වෙන්න
RSS

භවතු සබ්බ මංගලං” ගාථාව “‍RAP” කර නටමින් මධු සමයක් රග දැක්වීම නිවැරදියි (ලු)

-
.

මුස්ලිම්වරුන්ට හා ඉස්ලාමය විකෘති කරමින්  පවත්වාගෙන යන එක්තරා බෞද්ධ බ්ලොග් අඩවියක පල කල එක් ලිපියක සටහන් වන්නේ ඉරජ්ගේ ගීතයට මුස්ලිම් වරුන් විරෝදය දක්වා සිංහල සංගීතයට ප්‍රහාරයක් එල්ල කල බවයි. ඊට අමතරව ඉස්ලාමයට අපහාස වන ලෙස දර්ශන පෙළ යොදා තිබියදී එම සංගීත කරු විසින්ම ආගමට අපහාස කර තිබියදීත් ,ජාතිවාදය මුස්ලිම්වරුන් විසින්ම  අවුස්සන බව පවසයි.





ඊට අමතරව ඔහු පවසන්නේ ඉරජ්ගේ ගීතය අපහාසයක් නොවන බවද ?
එම ආගමික වශයෙන් අපහාසයන් සිදුවෙද්දී මාධ්‍ය නිදහස වෙනුවෙන් ඉඩ දිය යුතු බවද ?
ආගමික කරුණු සංගීතයට යොදා ගැනීම අපහාසයක් නොවන බවද ?






නමුත් දැන් දැන් එක්තරා සංගීතයකට එරෙහිව බෞද්ධයෝ විරුද්ධත්වයක් පාති.එනම් “භවතු සබ්බ මංගලං…” නම් ආශීර්වාද ගාථාව “‍රැප්” කර, ඩ්‍රම් තාලයට නට නටා, බයිලා ලෙස ගයමින්, එය මධු සමයක් ගත කරන දර්ශනයක් ඇති කාමුක ගීතයක පසුතලයට යොදාගෙන ඇති බවයි.

ධර්මද්වීපයේ ඉරණම නම් බෞද්ධ බ්ලොග් අඩවිය විසින් ඉරාජ්ගේ සිංහල සංගීතය තහනම් නොකළ යුතු බව පවසනවා සේ මෙම "භවතු සබ්බ මංගලං…” නම් ආශීර්වාද ගාථාව ඇතුලත් සංගීතය  තහනම් නොකළ යුතු බව නව ලිපියක් පල කෙරෙනු ඇති.


කෙසේ නමුත් මෙවැනි සංගීතයට ආගමික කරුණු යොදා ගැනීමට විරිද්ධ නොවූ බොහෝ දෙනෙකු දැන් දැන් විරෝධය පල කෙරෙන්නේ මේ ආකාරයට  “භවතු සබ්බ මංගලං…” නම් ආශීර්වාද ගාථාව “‍රැප්” කර, ඩ්‍රම් තාලයට නට නටා, බයිලා ලෙස ගයමින්, එය මධු සමයක් ගත කරන දර්ශනයක් ඇති කාමුක ගීතයක පසුතලයට යොදාගෙන නිසාය.

ඉරාජ් වීරරත්නගේ ගේ සංගීතයේ දර්ශන පෙළකටද මෙවැනිම වූ ඉස්ලාම්  ආගමික කරුණු යොදා ගැනීම නිසා එය තහනම් කරන ලදී.සංගීතය විකුණා බඩ වියත රැක ගන්නා පුද්ගලයෝ ඕන තරම් සිටිති. සංගීත ලෝකයේ පොර වීමටද,ජනප්‍රියත්වය පවත්වාගෙන යාමට ඕනෑම ජඩ වැඩක් කෙරෙති.සංගීතය පමණක් නොව නව කතා කරුවන්,ලිපි ලියන්නන් ද වේ.

ආගමික වශයෙන් මෙවැනි අපහාසයන් කිරීම නින්දිත ක්‍රියාවකි.එම නිසා ඉරාජ්ගේ හෝ පෙරේරාගේ හෝ වේවා කිසිම ආගමකට හෝ දහමකට මේ ආකාරයේ නිගරු වන සංගීත තහනම් කල යුතුමය.

ප්‍රතිචාර යොමු කරන්න